දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුර අන්තර් හුවමාරු ස්ථානයේ පිටවීමේ දොරටුවේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිස් නිලධාරීන් ඊයේ වෙඩි තබා ඇත.
පිටවීමේ දොරටුවේදී මුදල් ගෙවීමෙන් අනතුරුව LP – 0619 අංකය දරණ ලොරි රථය ඉදිරියට ඇදෙන විට අධිවේගී මාර්ග ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරියෙක් එම රථය පරීක්ෂා කිරීමට නතරකරන ලෙස සංඥා කර ඇති බවත් එම සංඥාවට අවනත නොවී ලොරි රථය වේගයෙන් ඉදිරියට ධාවනයකර තිබේ.
එහිදී පොලිස් නිලධාරියා විසින් ලොරි රථයට සිය රාජකාරි පිස්තෝලයෙන් වෙඩි දෙකක් තබා ඇතත් ලොරි රථය වෙඩි ප්‍රහාරය හමුවේ පළාගොස් ඇත.
මෙම ලොරි රථය හරක් හොරකමේ යන පිරිසක් විසින් පරිහරණය කරන එකක් බවට තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.