මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු කේරල ගංජා කිලෝ 50ක් අස්ථානගතව ඇතැයි එම අධිකරණයේ රෙජිස්ට්‍රාර් තෙලිප්පලේ පොලීසියට පැමිණිලිකර තිබේ.
අධිකරණ සංකීර්ණයේ දෙවැනි මහලේ ඇති ගබඩාවේ තිබුණු මෙම ගංජා තොගය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය සැකකරයි.