පොලිස් නිල ඇදුමින් ගොස් මත්පැන් අලෙවි සැල් දෙකකින් මත්පැන් බෝතල් භාගය බැගින් මුදල් නොගෙවා බලහත්කාරයෙන් ලබාගත් වාකරේ පොලීසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්කර ඇත.
මෙම නිලධාරියා පොලිස් නිල ඇදුමේ හයිය පෙන්වා මත්පැන් ලබාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සහ මඩකලපුවේ පිහිටි මත්පැන් අලෙවි ස්ථාන දෙකකිනි.
පොලිස් පරීක්ෂකවරයෙක් වන මෙම නිලධාරියා පසුගිය 05 වෙනිදා සිට දින 03ක් නිවාඩු ලබාගෙන පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත.
නැවතත් ඔහු රාජකාරි වාර්තා කිරීමට පසුගිය 08 වෙනිදා නිල ඇදුමින් සැරසී නිවසින් පිටත්ව පැමිණ ත්‍රිකුණාමලය නගරයේ පිහිටි මත්පැන් අලෙවි ස්ථානයකට ගොස් මත්පැන් බෝතල් භාගයක් මුදල් නොගෙවා ලබාගෙන තිබේ. අනතුරුව ඔහු මඩකලපුවට පැමිණ මඩකලපුව බස් නැවතුම්පොල ආසන්නයේ ඇති මත්පැන් අලෙවි හලටද ගොස් තවත් මත්පැන් බෝතල් භාගයක් ලබාගෙන ඇත්තේ මුදල් නොගෙවා බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.