fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් හිරකූඩුවේ කම්බි කපා කුඩ්ඩෝ දෙන්නෙක් පැනගිහින්

    පොලිස් හිරකූඩුවේ කම්බි කපා කුඩ්ඩෝ දෙන්නෙක් පැනගිහින්

    දික්වැල්ල පොලිස් සිරමැදිරියේ කම්බිකූරු කපාගෙන පළාගිය මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් පැය 24ක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    පසුගිය 01 වෙනිදා දික්වැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඉඩායමත් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 2750ක් සහ මිලිග්‍රෑම් 2550ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන විත් රදවා තබා ඇත්තේ පොලිස් සිරමැදිරිය තුළය.

    මෙසේ පොලිස් සිරමැදිරියේ රදවා සිටි ඔවුන් දෙදෙනා 02 අලුයම් කාලයේදී සිරමැදිරියේ කම්බි කූරු කපා ඒ තුළින් රිිිංගා පොලිස් ස්ථානයෙන් පළාගොස් තිබේ.

    පැය කිහිපයක් යන තුරුම පොලිස් සිරමැදිරියේ රදවා සිටි සැකකරුවන් පළාගිය බවත් පොලීසියේ නිලධාරීන් දැන සිට නැත. එය දැනගත් වහාම ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනාව කෝට්ටේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    ඔබේ අදහස් දක්වන්න.