fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

    පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බධා එල්ල වී තිබේ.

    ඒ පුත්තලම දුම්රිය මාර්ගයට කුඩාවැව ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීම හේතුවෙනි.

    ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රිය බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇත.

    පුත්තලම සිට පැමිණෙන දුම්රිය නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.

    ගස ඉවත් කිරීමේ කටයුතු අවසන් වන තෙක් එම මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඔබේ අදහස් දක්වන්න.