ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේවිද්‍යාලයේ ක්‍රීඩා කෞෂල්‍ය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යර්ථීන්ගේ සංගමය විසින් ඉකුත්දා මුදල් පරිත්‍යාගයක් කරනු ලැබීය.
ආදි විද්‍යාර්ථීන් වෙනුවෙන් ෆින්ගල් ලංකා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මහින්ද මහින්ද රණසිංහ,ජේ ඇන්ඩ් ඩී සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ ගාමිණී සිල්වා,බ්ලූම් එන්ටර්පයිසස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජීව හේරත් යන මහත්වරු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතාට එම මුදල් පරිත්‍යාග කළහ.
එම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ නිශාන්ති විදානගේ සහ ජපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු ක්‍රීඩා සංගම් නායක නායිකාවෝ සහභාගි වූහ.