තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිඳුණු ජලාශවල මැණික් ගරන්න අවසර දෙන්න යයි

    හිඳුණු ජලාශවල මැණික් ගරන්න අවසර දෙන්න යයි

    වියලි කාලගුණය හේතුවෙන් ජලාශ සිඳීයාමත් සමග ඒ ආශ්‍රිත මැණික් නිධි ගොඩගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

    පරිසරයට හානියක් නොවන පරිදි මැණික් නිධි ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි, අදාළ ආයතනවලට උපදෙස් දී ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ ය.

    ඒ අනුව මහවැලි අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය සහ විදුලිබල අමාත්‍යංශය කැඳවා වාර්තාවක් ලබාදෙන්නැයි උපදෙස් දී තිබේ.

    ඊට අදාළ වාර්තාව ලද පසු අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර අදාළ ආයතනවලට බලය පැවරීමට නියමිත බව, ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img