නිශ්චිත කාල සීමාවක් තුළ රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර නොගතහොත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය භාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති නම් ඔහු තනතුරෙහි රැඳීසිටීමෙන් ඵලක් නොවන බවය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“රටේ මනුස්සයෙකුට පාරට බැහැලා යන්න බයයි, කොයි වෙලේ, කොයි මොහොතේ කොයි තැන මැරෙන්න වෙයි ද දන්නේ නැති නිසා.
ඒ නිසා ටිරාන් අලස්ට පැහැලිව කියනවා මාසයක් යන්න කලින් ඔබතුමාගේ නායකත්වය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වාසනීය තැනකට රට ගේන්න ඕනේ.
එහෙම බැරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වුණේ නැත්නම් අපි මේ වෙනකොටත් පසුවෙල මන්ත්‍රීවරු, පක්ෂ විපක්ෂ සියලුදෙනා සාකච්ඡා කරගෙන යනවා අනිවාර්යයෙන්ම විශ්වාසභංගයක් ගෙනල්ලා අමාත්‍යවරයා තනතුරෙන් අයින් කරනවා.”