චීනයේ පිහිටි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික මෙහෙයුම් අද සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව කොළඹ, මත්තේගොඩ පිහිටි සිපෙට්කෝ ඉන්ධනහලක සිට ඉන්ධන සැපයීම ආරම්භ කර ඇත.
චීන පෙට්‍රෝලියම් දැවැන්තයාගේ දේශීය අනුබද්ධිත සමාගම වන Sinopec Fuel Oil Lanka බදාදා (අගෝස්තු 30) වෙළඳපල ප්‍රවර්ධන වැඩසටහනක් සමඟින් සිය මෙහෙයුම් ආරම්භ කළේය.
ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් පොම්ප කරනු ලබන්නේ ලීටරයකට රු. 3.00ක ලාභයක් පාරිභෝගිකයන්ට ලබාදෙමිනි.
විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය සහ සිල්ලර විකුණුම් වෙළඳපොළ, තෙල් නිපදවන රටවල සමාගම්වලට විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ තීරණය කළේය.
ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට විදුලිබල හා බලශක්ති පිළිබඳ අමාත්‍ය උපදේශන කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත
නව සැපයුම්කරුවන්ට ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ සිල්ලර ක්‍රියාකරුවන් ලෙස දේශීය ඉන්ධන වෙළඳපොළට පිවිසීමට එමගින් මග සැලසේ.