fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැග්නර් ලොක්කාගේ මරණයට පුටින් නොයයි

    වැග්නර් ලොක්කාගේ මරණයට පුටින් නොයයි

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හට පසුගිය සතියේ සිය ගුවන් යානය අනතුරට ලක්වීමෙන් මියගිය වැග්නර් කුලී හේවා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින්ගේ අවමංගල්‍යයට සහභාගී වීමට කිසිදු සැලසුමක් නොමැති බව ක්‍රෙම්ලිනය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

    ප්‍රිගොෂින් විසින් මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් වෙත ගමන් කරනු ලබමින් සිටි පුද්ගලික ජෙට් යානය අගෝස්තු 23 වන දින මොස්කව්ට උතුරින් අනතුරට පත් වූ අතර එහි ගමන් ගත් දස දෙනාම මරණය පත්වයි.

    වැග්නර් ප්‍රධානියා ගමන්ගත් ගුවන් යානය කඩා වැටීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ වෙතත් අනතුර සිදු වූ ස්ථානය අසල සිටි ගම්වාසීන් රොයිටර් පුවත් සේවයට පැවසුවේ තමන් හට පිපිරෙන ශබ්දයක් ඇසුණු බවත් පසුව ජෙට් යානය බිමට වැටෙනු දුටු බවත්ය.

    මොස්කව් නුවරදී ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෙව්ගෙන් රුසියානු ජනධිපතිවරයා ප්‍රිගොෂින් ගේ අවමංගල්‍යයට සහභාගී වන්නේ දැඩි ඇසු විට ප්‍රකාශ කර සිටියේ, “ජනාධිපතිවරයා අවමංගල්‍යය වෙත සහභාගීවමක් අපෙක්ෂා කරන්නේ නැහැ“ යනුවෙනි.

    පෙස්කොව් පැවසුවේ අවමංගල්‍ය සැලසුම් පිළිබඳව ක්‍රෙම්ලිනයට නිශ්චිත තොරතුරක් නොමැති බවත්, ඒ සම්බන්ධ තොරතුරු ප්‍රිගොෂින්ගේ ඥාතීන් සතු බවත්ය.
    අනතුරට පසු දින, ජනාධිපති පුටින් විසින් ප්‍රිගොෂින්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කළ අතර, 1990 දශකයේ මුල් භාගයේ පැවති දැඩි අභියෝගාත්මක වසරවල සිට ප්‍රිගොෂින්ව තමා දැන හඳුනගෙන සිටි බවද හෙතම පැවසීය.

    ප්‍රිගොෂින්ගේ මරණයට හේතු වූ අනතුර ඔහු සහ ඔහුගේ කුලී හේවායන් විසින් පුටින්ගේ ඉහළ හමුදා අණ දෙන නිලධාරීන්ට එරෙහිව කැරැල්ලක් දියත් කළ දිනට මාස දෙකකට පසු මෙම අනතුර සිදු වූ අතර එහිදී ඔවුන් දකුණු නගරය වන රොස්තොව්හි පාලනය අත්පත් කරගෙන අගනුවර සිට කිලෝමීටර් 200 ක් ආසන්නයට පැමිණි අතර පසුව ඔවුහූ සිය කුමන්ත්‍රනය නතර කළහ.

    ඔබේ අදහස් දක්වන්න.