තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චන්ද්‍රයාන්ගෙන් චන්ද්‍රයා ජයගත් ඉන්දියාවට ජනපතිගෙන් සුබපැතුම්

    චන්ද්‍රයාන්ගෙන් චන්ද්‍රයා ජයගත් ඉන්දියාවට ජනපතිගෙන් සුබපැතුම්

    චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට චන්ද්‍රයාන්-3 යානය ඉතා සාර්ථක ලෙස ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනමා තිබේ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බවයි.

    මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාවන් දිරිමත් කරනක් බවත් ජනාධිපතිවරයා විසින් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා වෙත පවසා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img