මහනුවර ශ්‍රී දළඳා මාළිඟාවේ දෙවැනි කුඹල් පෙරහැර අතරතුරදී ඇතුන් කිහිපදෙනෙකු නොසන්සුන්වීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වාර්තාවක් කැඳවයි.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ පෙරහැරට සම්බන්ධ අදාළ බලධාරීන්ගෙන් එම වාර්තාව කැදවා ඇති බවයි.
පෙරහැරවල අලි කුලප්පුවීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළවන අතර ඇතැම් පාර්ශව ප්‍රකාශ කර තිබුණේ හීලෑ අලි ඇතුන් පෙරහැරෙන් ඉවත් කිරීම සඳහා ඇතැමුන් සංවිධානාත්මකව එය සිදුකරන බවයි.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසන්නේ කිසිදු අධ්‍යයනයකින් තොරව එලෙස ප්‍රකාශ කළ නොහැකි බවයි.