තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල ප්‍රශ්නය හදිසි තත්ත්වයක් -අගමැතිගෙන් හදිසි කමිටුවක්

    ජල ප්‍රශ්නය හදිසි තත්ත්වයක් -අගමැතිගෙන් හදිසි කමිටුවක්

    රටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට අදාළ අමාත්‍යාංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(22) දින පැවති විශේෂ රැස්වීමකදී ගත් තීරණයකට අනුවයි.

    ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ මෙම කමිටුවට ඇතුළත් ය.

    අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් ඉහත අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත ය.

    අදාළ සියලු ආයතනද ඊට සම්බන්ධ කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී උපදෙස් දුන්නේය.

    මිට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍යතුමා රොෂාන් රණසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්තුරුද ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වාසුදේව නානායක්කාර, ඒ එල් එම් අතාවුල්ලා, සුදර්ශන දෙනිපිටිය, ජගත් සමරවික්‍රම යන මහත්තුරුද, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ, වාරිමාර්ග අමාත්‍යංශයේ, ජල සම්පාදන අමාත්‍යංශයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීහු රැසක් එක්වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img