තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ආනයනයේ බාධාවක් ඉවත් වෙයි

    වාහන ආනයනයේ බාධාවක් ඉවත් වෙයි

    පොදු ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී ඇතිවන ගැටලු විසඳීම සඳහා වහාම මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම් බවයි.

    වාහන ආනයනය කරන්නන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    එහි දී ආනයනකරුවන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග නිසා ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇති බවයි.

    පොදු ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන කාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදුන්න ද ඒවා ආනයනය කිරීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව ඔවුහු කීහ.

    එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

    අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img