චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට ළඟාවෙයි. එරට ජනාධිපති සිරිල් රම්පෝසා මහතා සහ විදේශ ඇමතිනි නලේදි පැන්ඩර් මහත්මිය ඇතුළු උසස් පෙළේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (21) රාත්‍රියේ ගුවන් තොටුපළේ දී චීන ජනාධිපතිවරයා සාදරයෙන් පිළිගනු ලැබීය.
ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන15 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට එක්වන ෂී ජින් පිං මහතා, දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක ද නිරත වනු ඇත.
ගුවන් තොටුපළේ දී අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා කියාසිටියේ, චීන- දකුණු අප්‍රිකානු සබඳතාව ශක්තිමත් කිරීම හා වර්ධනය මගින් දෙරට ජනතාවට සුබසෙත උදාවනු පමණක් නොව නිරන්තර සංකීර්ණ තත්ත්වයන්ට මුහුණදෙන ලෝකයට ස්ථාවරත්වයක් ද තිළිණ කෙරෙන බවයි. මෙවර බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව, බ්‍රික්ස් සහයෝගිතාව වර්ධනය වීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වනු ඇති බවටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුව හා සහයෝගිතාව එමගින් වඩාත් ඉහළ මට්ටමකට රැගෙන යනු ඇති බවටත් ෂී ජින් පිං මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.
චීන ජනපති දකුණු අප්‍රිකාවට
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.