කුඩා දුන්හිඳ ඇල්ල රක්ෂිතයේ පෙම්සුව විදිමින් සිටි තරුණ පෙම්යුවලක්ව පොලිස් බුද්ධි අංශයෙන් යැයි කියාගත් දෙදෙනෙක් විසින් කොල්ලකා ඇත.
මෙම කොල්ලය මැයි 06 වෙනිදා සිදුව ඇතත් ඒගැන බදුල්ල පොලීසියට පෙම්වතිය විසින් පැමිණිලිකර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. සිය පෙම්වතාව පන්නා දමා තමාගේ අතෙහි පැලද සිටි රන් මුදු දෙකක් ජංගම දුරකථනයක් සහ අත් බෑගයේ තිබුණු මුදල් රුපියල් 8500ක් කොල්ලකෑ බව 17 හැවිරිදි පෙම්වතිය පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර ඇත.
මෙතෙක් කලක් පොලීසියට මේ ගැන පැමිණිලි කරන්නට ඉදිරිපත් නොවුනේ පොලීස් බුද්ධි අංශයේ යැයි කියා එහි පැමිණි අය තමන්ව බිය ගැන්වූ නිසා බවද පෙම්වතිය පොලීසියට කියා ඇත.
මෙම කොල්ලය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භකල බව බදුල්ල පොලීසිය කියයි.