ඔඩ්ඩුසුඩාන් හී පිහිටි තන්නිමුරිප්පු වැවේ ඔරු නවතා තැබෙන ස්ථානයේ ඇතිවුණු ගින්නකින් ඔරු 04ක් මුළුමනින්ම ගිනි ගෙන විනාශ වී ඇත.
මෙම ගිනි ගැනීම ඊයේ සිදුව තිබේ. එම ගින්නෙන් තවත් ඔරු 10කට හානි සිදුව ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය කියයි.
වැවේ ධීවර කටයුතු සඳහා ධිවරයින් යොදාගන්නා මෙම ධිවර යාත්‍රාවලට කිසියම් පුද්ගලයෙක් විසින් ගිනි තබා ඇති බව සැකකෙරේ.