තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාව ණයක් ගෙවීම අරඹයි

    ලංකාව ණයක් ගෙවීම අරඹයි

    ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයක පොරබදමින් සිටියද, වසර දෙකකට පෙර මුදල් හුවමාරු ක්‍රමයක් යටතේ ලබාගත් ඩොලර් මිලියන 200 ක ණය මුදලින් ඩොලර් මිලියන 50 ක් සඳුදා බංග්ලාදේශයට ගෙවා ඇති බව එරට පුවත් වාර්තා කරයි.

    ශ්‍රී ලංකා බලධාරීන් විසින් පළමු වාරිකය තැන්පත් කිරීම තහවුරු කරමින් බංග්ලාදේශ බැංකුවේ (BB) ප්‍රකාශක මෙස්බාඋල් හේක් පැවසුවේ පළමු වාරිකය පසුගිය සතියේ අගෝස්තු 17 වන දින ලැබුණු බවයි.

    එම මුදල හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බව ද ඔහු දන්වා සිටියේය. “අපි මේ මාසය ඇතුළත දෙවන වාරිකය බලාපොරොත්තු වෙනවා,” මහ බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන හක් වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත්, දෙවන වාරිකයේ මුදල කොපමණද යන්න පිළිබඳව අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කර ඇත.

    2021 සැප්තැම්බර් මාසයේදී ආර්ථික කම්පනයකින් පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකාවට අසීරුතම අවස්ථාවේදී බංග්ලාදේශය සිය විදේශ සංචිතයෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දුනි.

    ඊට අදාළ වසරක ණය කාලය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් විය.

    ඉන්පසුව මේ වසරේ මාර්තු දක්වා මාස තුනකදී දෙවතාවක් ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරගැනීමට හැකිවිය.

    අවසානයේ ණය ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා තවත් මාස හයක කාලයක් ලබා දෙන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img