fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොකු පොලියක් දෙන්නම් කියා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

    ලොකු පොලියක් දෙන්නම් කියා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

    spot_img

    දෙස් විදෙස් සමාගම්වල මුදල් ආයෝජනය කර ඉහළ පොලියක් ලබාදෙන බව සඳහන් කරමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන වංචාකල කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    මෙම කාන්තාව විවිධ පුද්ගලයින් රවටා ලබා ගන්නා මුදල්වලින් ඉඩම් සහ නිවාස මිලදී ගෙන ඇති බව විමර්ශනවලින් පෙනීගොස් තිබේ.

    මෙම කාන්තාව ගාල්ල කේන්ද්‍ර කරගෙන මෙම වංචාව කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. විශාල පිරිසක් ඇයට හසුවී ඇතත් වංචාවට ඇයට එරෙහිව පැමිණිලි ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් පමණක් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

    මෙම කාන්තාව මුදල් වංචා කර සැඟවී සිටියදී කිරුළපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම කාන්තාව හෙට දින ඉදිරිපත් කරන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img