fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සිසුවිය දූෂණය කළ තරුණයින් 7ක් සොයයි

    පාසල් සිසුවිය දූෂණය කළ තරුණයින් 7ක් සොයයි

    මහනුවර අරුප්පල පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක්ව දූෂණය කළ තරුණයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම සිසුවිය මහනුවර සිරිමල්වත්තේ පිහිටි විහාරස්ථානයක් පිටුපස කැලෑබද ප්‍රදේශයකදී පළමු වතාවට 2021 වසරේදී දූෂණය වී ඇති බව පොලීසිය කියයි. අනතුරුව 2022 වසරේ අප්‍රේල් මාසයේදී අරුප්පල පිහිටි ආරාමයක් අසල මහවැලි ගඟ අයිනේදීත්, මහනුවර දොඩම්වලදී 2022 වසරේ ඔක්තෝබර් මාසයේදීත් මහනුවර අරුප්පලදී 2023 වසරේ ජූලි මාසයේදීත්, එම මාසයේදීම විහාරස්ථානයක් තුළදිත් මෙම සිසුවියව පුද්ගලයින් 07 දෙනෙක් අතින් විටෙන් විට දූෂණය වී ඇති බව පොලීසිය කියයි.

    මෙම පුද්ගලයින් 07 දෙනාම මෙම සිසුවිය සමඟ පෙම් සම්බන්ධයක් ඇතිකරගෙන මෙම අපරාධයකර ඇති බවත් ඇයත් මෙම අපරාධයට ගොදුරුවී ඇත්තේ කැමැත්තෙන් බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    පොලීසිය පවසන්නේ අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙක් සමඟ කැමැත්තෙන් එකට සිටියත් එය සැළකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසින් බවය. ඒ අනුව මෙම තරුණයින් 07 දෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකල බව පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.