තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති සිංගප්පූරුවේදී විශේෂ හමුවක

    ජනපති සිංගප්පූරුවේදී විශේෂ හමුවක

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ ජනාධිපති හලීමා යෙකුබ් මහත්මිය හමුවී තිබේ.

    ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

    ජනාධිපතිවරයා සිය සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන්, තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් යන මහත්ම මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

    පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී ඇත.

    ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක් වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img