fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දහම් පාසල් අධ්‍යාපන චාරිකාව අවමගුලක් වූ හැටි..

    දහම් පාසල් අධ්‍යාපන චාරිකාව අවමගුලක් වූ හැටි..

    අධ්‍යාපන චාරිකාවක් සඳහා ගාල්ලට පැමිණි කුලියාපිටියේ දහම් පාසලක සිසුන් පිරිසක් රැගත් බස් රථයක් රූමස්සල කන්ද දෙසට ගමන් කිරීමේදී බස් රථයේ සිටි සිසුවෙක් ජනේලයකින් පිටතට හිස දැමීමේදී විදුලි පහන් කණුවක හිස ගැටී මියගොස් ඇත.

    මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    ප්‍රභාත් අත්තනායක (16) නැමැති සිසුවා මෙසේ මියගොස් ඇත. කුලියාපිටිය කඩිගමුව හින්නා පන්නාව ජනපදයේ මෙම සිසුවා පදිංචිව සිට ඇත.

    කුළියාපිටිය ඉහළ කඩිගමුව සරණපාල දහම් පාසලේ සිසුන් පිරිසක් රැගත් බස් රථය රූමස්සල වෙත ගමන් කිරීමේදී බස් රථයේ පිටුපස ආසනයේ රැදී සිටි මෙම සිසුවා එකවරම බස් රථයෙන් පිටතට ජනේලයෙන් හිස දමා ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. එහිදී සිසුවාගේ හිස එකවරම විදුලි පහන් කණුවේ ගැටී ඇති බව හබරාදූව පොලීසිය කියයි.

    මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

    ඔබේ අදහස් දක්වන්න.