තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර බිල් දැමූ ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    හොර බිල් දැමූ ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    අබිලි යකඩ මිලදී ගන්නා මාදම්පේ සුදුවැල්ලේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවයේ නිරතව සිටි ඉන්දියානු ජාතිකයෙකුව මාදම්පේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ එම ආයතනයේ කළමනාකාරු විසින් මෙම ඉන්දියානු ජාතිකයාට එරෙහිව කළ පැමිණිල්ලකට අනුවය. එම පැමිණිල්ලෙහි සඳහන්ව ඇත්තේ මෙම ඉන්දියානු ජාතිනයා ව්‍යාජ බිල්පත් යොදා රුපියල් ලක්ෂ 4කට අධික මුදලක් වංචාකර ඇති බවය.

    අවුරුදු 25ක් වන මෙම ඉන්දියානු ජාතිකයාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම ආයනය ඉන්දියානු සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබයි. මිලදී ගන්නා යකඩ උණුකර යකඩ කම්බි මෙහි නිෂ්පාදනයකරනු ලබන බවත් මෙහි සේවයේ නිරතව සිටින්නේ ඉන්දියානුවන් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img