තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නියඟයත් ඉල්ලමක් කරගත් ජාවාරමක් එළියට

    නියඟයත් ඉල්ලමක් කරගත් ජාවාරමක් එළියට

    නියඟය හේතුවෙන් ජලය සොයා එන වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමක් මේ වනවිට සිදුවෙමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරයි.

    ඒ හේතුවෙන් වන සතුන් දඩයම් කරන්නන් සොයා සිදුකරන වැටලීම් නියං කාලය තුළ වැඩි කිරීමට පියවර ගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් 1992 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ සිඳී ගිය වැව් හා දියකඩිති ආශ්‍රිතව දියවළවල් සාදා එම ජලයට වස මිශ්‍රකර වන සතුන් දඩයම් කිරීම මෙම ජාවාරම්කරුවන් විසින් සිදුකරන බවයි.

    විශේෂයෙන් කතරගමට පැමිණෙන පිරිස් වෙත සහ පිට ප්‍රදේශ සඳහා අලෙවි කිරීම සඳහා වන සතුන් මේ ආකාරයෙන් දඩයම් කරන බවට අනාවරණය වි ඇති බවත් විෂ ශරීරගත කිරීමෙන් මියයන සතුන්ගේ මාංශ මිනිස් පරිභෝජනයට නුසුදුසු වන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img