හෝමාගම කටුවාන ප්‍රදේශයේ රසායන දව්‍ය සපයන කර්මාන්තශාලාවක ගබඩාවක ඊයේ රාත්‍රී ඇති වූ වූ ගින්නෙන් රසායනික කොටස් බාහිර වායුවට එක් වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ගිනි නිවීමේ රථ අටක් පැමිණ එම ගින්න අද අලුයම වනවිට මුළුමනින්ම පාලනය කළ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව ද ගින්න නිවීම සඳහා සහාය දක්වා තිබේ.
ගිනි නිවීමත් සමඟ රසායන කොටස් අවට වායුවට එක්වීමේ යම් පාලනයක් සිදු වී ඇත. නමුත් ගිනි නිවීමට භාවිත කළ ජලයත් සමග එම රසායන කොටස් අවට පරිසරයට එක් වී ඇති බවත් රසායනික ද්‍රව්‍ය මුසු වූ එම අප ජලය අපජලය මඩිති වශයෙන් එම කම්හල අවට කර්මාන්තශාලාවලට පැතිර යාමක් සිදුවී ඇති බවද මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය.
එම අධිකාරිය උපදෙස් දී ඇත්තේ වහාම එම රසායන කොටස් රැඳී ඇති අප ජලය සහිත මඩිති හැකි ඉක්මනින් ඉවත් කරන ලෙසයි.
මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ එහි අනුමැතිය ද මෙම රසායන ගබඩාව සඳහා අදාල අදාළ කර්මාන්ත ශාලාව ලබාගෙන නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය.
මෙම රසායන ගබඩාවේ ඇතිවූ ගින්න හේතුවෙන් අවට ජනතාව මුඛ ආවරණ පැළඳ සිටි යුතු බවට උපදෙස් දෙන බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
ක්ලෝරීන් සහ සෝඩියම් සිලිකේට් යන රසායන මෙහි ගබඩා කර තිබී ඇති බවද එම කාර්යාලය කීය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් රජයේ රස පරීක්ෂකවරයා විසින් ඒ පිළිබඳ ඉදිරි දිනවලදී පරික්ෂා කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර අසල කර්මාන්තශාලා දෙකකට සුළු හානි සිදු වී තිබේ.
මෙච්චර කල් හෙව්වෙ නැද්ද ,ප්‍රාදේශීය සභාව වග කියන්න ඔන. කැබිනට් ප්‍රකාශක මොනවද කියන්නේ , රටටම බයිලා ගහනවා , මේ ගැනවත් දැනුවත් නැද්ද , කට්ටිය ජරාව කනවද දන්නේ නැ