තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්කුඩු කිලෝ ගණනක් එක්ක පිලිපීන් ජාතිකයෙක් කොටු

    මත්කුඩු කිලෝ ගණනක් එක්ක පිලිපීන් ජාතිකයෙක් කොටු

    නාරාහේන්පිට පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටි පිලිපීන ජාතිකයෙකු කොකේන් කිලෝ 2යි ග්‍රෑම් 294ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පිලිපීන් ජාතිකයා මෙම කොකේන් තොගය රැගෙන ගුවන් මගින් මෙරටට පැමිණ ඇත්තේ ඊයේ පෙරවරුවේදීය.

    අවුරුදු 28ක් වන මෙම පිලීපීන් ජාතිකයාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලදාරීන් විසින් ඊයේ සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන එම හෝටලයේම රදවාගෙන මෙම මත්ද්‍රව්‍ය රැගෙන යාමට පැමිණෙන පුද්ගලයින්ව හදුනාගැනීමට කටයුතුකර ඇත.

    ඒ අනුව කිරුලපන පදිංචි පුද්ගලයෙක් එම කොකේන් පාර්සලය රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී අද සවස ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා අවුරුදු 49ක් වයසැති අයෙකි. විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මේ අයව මෙහෙයවන බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    කිරුලපන පුද්ගලයා සතුව තිපී රුපියල් ලක්ෂ 07ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් රදවාගැනීමේ නියෝගයකින් රදවාගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img