තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩාවැල්ලේ වෙඩිතැබීම ඩුබායි කොන්ත්‍රාත්තුවක්

    කුඩාවැල්ලේ වෙඩිතැබීම ඩුබායි කොන්ත්‍රාත්තුවක්

    තංගල්ල කුඩා වැල්ලේදී පසුගිය 15 වෙනිදා රාත්‍රී කාලයේ බහුදින යාත්‍රා ස්කීපර්වරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මුහුදු මාර්ග ඔස්සේ මත්කුඩු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස බව හෙළිවී තිබේ.

    මෙම ඝාතනයට පැමිණි වෙඩික්කරුව ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථයක් සමඟ ඩුබායි හී රැදී සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් වන දිල්ශාන් නැමැති අයගේ ගෝලයෙකුව මත්කුඩු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඩුබායි සිට දිල්ශාන් නැමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදුව ඇති බව මෙතෙක්කර ඇති මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මෙම මෝටර් රථය සමඟ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේදීය.

    මෝටර් රථය සමඟ අත්අඩංගුවටගත් සැකකරු ඈතගම, පයාගල ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි. ඔහු අවුරුදු 43ක් වයසැති අයෙකි.

    වැඩිදුර විමර්ශනය සඳහා ඔහුව තංගල්ල පොලිස් ස්ථානයට භාරදී ඇත.

    මෙම සැකකරු සතුව තිබී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ මෙසේය.

    1) හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 600 යි.
    2) කාර් රථ 01 යි. (WP CBD 0983)
    3) රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍ර‍.
    4) දුරකථන 01 යි.
    5) ව්‍යාජ අංක තහඩු 02 යි. (WP BFI 4505)
    6) රියදුරු බලපත්‍ර‍ 01 යි.
    7) රුපියල් 6,675 ක් සහිත මුදල් පසුම්බි 01 යි.

    විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය (කොළඹ කළාපයේ) නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස්.එච්. පීරීස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා කටුකුරුන්ද පුහුණු පාසලේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් සහ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන් විසින් ඒකාබද්ධව කළ වැටලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු සමඟ වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img