තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දික්වැල්ලේ ඝාතනයට යොදාගත් ටී-56 STF අතේ

    දික්වැල්ලේ ඝාතනයට යොදාගත් ටී-56 STF අතේ

    දික්වැල්ල භීතියට පත් කරමින් පසුගිය 15 වෙනිදා රාත්‍රී කාලයේ පුද්ගලයෙකුට වෙඩි තබා මරා දැමීම ඇතුළු අපරාධ රැසකට යොදාගත් T56 ගිනි අවිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

    දික්වැල්ල පොලිස් වසමේ දික්වැල්ල, උඩගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ දී කල වැටලීමකදී මෙම ගිනි අවිය සොයාගැනීමට හැකියාව ලැබී තිබේ.

    වෙඩික්කරු විසින් ගිනි අවිය මැගසිනයත් සමග දික්වැල්ලේ වෙඩි තැබීමෙන් අනතුරුතුරුව කැළයේ සඟවා පළාගොස් ඇති බවත් ඒ ගැන ලද තොරතුරකට අනුව ගිනි අවිය සොයාගෙන ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ගිනි අවිය දික්වැල්ල පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    දැනට අණාවරණය කරගත් තොරතුරු අනුව මෙම ඝාතනය සිදුකර ඇත්තේ යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර වසර එකොළහකට පමණ පෙර සේවය හැර ගිය පුද්ගලයකු බවත් මොහු සහ මොහුගේ සහෝදරයා යම් අපරාධයක් සිදුකර සිරගත වී මීට මාසයකට පමණ ඉහතදී නිදහස ලබා පැමිණි බවටත් කරුණු අණාවරනය වූ අතර දැනට මොවුන් දෙදෙනාම ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පි. සම්පත් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.සී.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img