fbpx
තවත්
    මුල් පිටුවGOSSIPBarbie චිත්‍රපටය තහනම් ලැයිස්තුවට තවත් රටක් එක්වෙයි

    Barbie චිත්‍රපටය තහනම් ලැයිස්තුවට තවත් රටක් එක්වෙයි

    ලොව පුරා උන්මාදයක් වී ඇති ‘බාර්බි’ චිත්‍රපටය තිරගත වී සති තුනකට පසුව ඇල්ජීරියානු රජය විසින් ‍‍සිනමාපටය තහනම් කර ඇත.

    උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන ඇල්ජීරියාව තහනමට හේතුව ලෙස දක්වා ඇත්තේ සදාචාරයට පටහැනි බව ය.

    බාර්බි චිත්‍රපටය ‘සමලිංගිකත්වය සහ අනෙකුත් බටහිර අපගමනයන් ප්‍රවර්ධනය කරන’ බවත් එය ‘ඇල්ජීරියාවේ ආගමික හා සංස්කෘතික විශ්වාසයන්ට අනුකූල නොවන බවත්’ රජය පෙන්වා දී තිබේ.

    එරටේ සංස්කෘතික අමාත්‍යාංශය සිනමා ශාලාවල ප්‍රක්ෂේපණය කරන චිත්‍රපටවල අන්තර්ගතය අධීක්ෂණය කරයි.

    දර්ශනය කෙරෙන අතරවාරයේ වුවද ඒවා ප්‍රදර්ශනය කිරීම නවතා දැමීමට එම අමාත්‍යාංශයට හැකියාව පවතී.

    හොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වන බාබි ‘වහාම ඉවත් කර ගන්නා ලෙස’ එරට රජය සිනමා ශාලාවලින් ඉල්ලා තිබේ.

    මේ හා සමාන හේතු දක්වමින් ලෙබනනය සහ කුවේට් යන රටවල් දෙකම පසුගිය සතියේ මෙම චිත්‍රපටය තහනම් කර ඇත.

    ‘සමලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම, පියෙකුගේ භාරකාරත්වය ප්‍රතික්ෂේප කිරීමට සහය දීම, හෑල්ලුවට ලක් කිරීම සහ සමච්චලයට ලක් කිරීම හේතුවෙන් චිත්‍රපටය සිනමා ශාලාවලින් තහනම් කරන ලෙස ලෙබනන් ඇමතිවරයෙකු තම රටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    මවගේ භූමිකාව සහ විවාහයේ සහ පවුලක අවශ්‍යතාවය ප්‍රශ්න කරන බව පවසමින් ‘පොදු ආචාර ධර්ම සහ සමාජ සම්ප්‍රදායන්’ ආරක්ෂා කිරීම සඳහා බාබි සිනමාපටයට කුවේටය තහනමක් නිවේදනය කළේය.

    බාර්බි සිනමාපටය පසුගිය ජූලි 21 වන දින ආරම්භ වූ දින සිට ලොව පුරා ටිකට් අලෙවියෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.19කට අධික මුදලක් උපයා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.