තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නියඟෙ ගැන හරියට නොකිව්වේ ඇයි අහද්දී කාලගුණේ පනත් ඉල්ලයි

    නියඟෙ ගැන හරියට නොකිව්වේ ඇයි අහද්දී කාලගුණේ පනත් ඉල්ලයි

    පවතින නියං තත්ත්වය පිළිබද නිවැරදී අනාවැකි යොමු නොකිරීම පිළිබදව පවතින වාර්තා සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විමසා තිබේ.

    මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන ඇතුළු කලාපීය රටවල් සමග පවත්වන ලද මෝසම් කථිකාව නම් සාකච්ඡාවේදී මේ පිළිබදව දැනුම් දුන් බවයි.

    එහෙත් කමිටුව පෙන්වා දුන්නේ මෙම අදාල ආයතන විසින් මේ සම්බන්ධ තොරතුරු තමන් වෙත ලබා නොදුන් බව පැවසිය හැකි නිසා පනතක් මගින් නෙනතික තත්ත්වය සකසන තුරු කැබිනට් තීරණයක් මගින් හෝ අදාළ සියලු ආයතන සමග ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසයි.

    මසක් තුළ මේ සම්බන්ධව කෝපා කමිටුවට වාර්තා කරන ලෙසත් උපදෙස් දෙන ලදී.

    එසේම පළකළ අනාවැකිවල සාර්ථකවීමේ ප්‍රගතිය පිළිබද දත්ත තිබේදැයි විමසන ලදී.

    නමුත් එවැනි වැඩපිළිවෙලක් නොමැති බව හෙළිවු අතර ලොව අනෙකුත් රටවල තත්ත්වයද සලකා බලා විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකසා මසක් ඇතුළත වාර්තා කරන ලෙස උපදෙස් දුන්නේය.

    වර්ෂාමාන 453ක් පිහිටුවා තිබියදී ඉන් 73ක් අක්‍රීයව පැවතීම පිළිබද අවධානය යොමු විය.

    එසේම 2018 වසරේදී ස්වයංක්‍රීය වර්ෂාමාන 122 ක් ස්ථාපිත කර තිබුණද බැටරි ක්‍රියාත්මක නොවීම වැනි කරුණු නිසා දැනට 70ක් ක්‍රියාත්මක නොවීම පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

    මෙම වර්ෂාමාන නිසි පරිදී ස්ථාපිත කොට ක්ෂණිකව දත්ත ලබා ගත හැකි වැඩපිළිවෙලක් මසක් තුළ ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img