fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්‍රේනයට තවත් ඇමරිකානු යුධ අධාරයක්

    යුක්‍රේනයට තවත් ඇමරිකානු යුධ අධාරයක්

    ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට තවත් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක් වටිනා යුධ අධාර යැවීමට තීරණය කළ බව එරට රජය නිවේදනය කළේය.

    මෙම යුධ ආධාර තොගයට ගුවන් ආරක්ෂක පද්ධති සඳහා යොදා ගන්න උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ සහ අතිරේක බිම්බෝම්බ ඉවත් කිරීමේ උපකරණ ද ඇතුළත් ය. එමෙන්ම මෙම ආධාර වලට සන්නද්ධ රථ විනාශ කිරීමට යොදා ගන්නා අවිද ඇතුලත් බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අන්ටනී බ්ලින්කන් සඳහන් කළේ.

    මේ අතර රොයිටර් පුවත් සේවය එක්සත් ජනපද ඉහළ පෙළ් නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් වාර්තා කර සිටියේ යුක්‍රේනයට ලබා දුන් යුධ අධාර සම්බන්ධයෙන් සිදු කළ අධි තක්සේරුවක් නිරූපනය කළ පෙන්ටගනයේ ගිණුම් කරණ දෝෂයෙන් පසු අනාවරණය කරගත් ඇමරිකානු ඩොලර් බිලයන 6.2ක මුදල වොෂින්ටනය විසින් සිය පරිහරනය ගැනීමට පටගන් ගෙන ඇති බවයි.

    මෙම වසරේ මැයි මාසයේදී පෙන්ටගනය නිවේදනය කළේ, බිලියන ගණන් වටිනා පතොරම්, මිසයිල සහ අනෙකුත් උපකරණ වගුගත කිරීම සඳහා කාර්ය මණ්ඩලය “ක්ෂය වූ අගය” වෙනුවට “ප්‍රතිස්ථාපන අගය” භාවිතා කර ඇති බවයි. ඒ අනුව කීව් වෙත නැව්ගත කරන ලද එක්සත් ජනපද ආයුධ සඳහා ඉහළ අගයක් දී ඇති බවද පෙන්ටගනය සඳහන් කළේය.

    එක්සත් ජනපදය විසින් ලබාදීමට නියමිත මෙම අධාර සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා සිය කෘතඥතාවය පළකර ඇති අතර එම අවි රුසියානු හමුදා පසු බැස්සවීමට විශාල සහහයක් වනු ඇති බවටද ප්‍රකාශ කර තිබේ.

    යුක්‍රේන යුද්ධය සඳහා එක්සත් ජනපදය විශාල වශයෙන් එරට බදුගෙවන්නන්ගේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක්ම මේවන විට මතුවෙමින් පවතී. එහිදී ජනතාව පෙන්වා දෙන්නේ දේශීය වශයෙන් එක්සත් ජනපදයේ පවතින සමාජ ආරක්ෂණ පහසුකම් සැපයීමට අදාල අරමුදල් භාවිතා කළයුතු බවයි.

    ඔබේ අදහස් දක්වන්න.