fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමනළ වැවත් අඩියටම හි‍ඳ‍ෙයි - වතුරත් විදුලියත් දීලා ඉවරයි

    සමනළ වැවත් අඩියටම හි‍ඳ‍ෙයි – වතුරත් විදුලියත් දීලා ඉවරයි

    පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා සමනල වැවේ ජල මට්ටම අද වන විට 4% දක්වා අඩුවී ඇති හෙයින් තවදුරටත් උඩවලව ජලාශයට ජලය මුදා හැරීමට හෝ විදුලිය ජනනය කිරීමට හෝ හැකියාවක් නැතැයි සමනලවැව ජලාශයේ නිලධාරීන් ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.

    ඒ අනුව හෙට සිට සමනල වැව ජලාශයෙන් විදුලිය ජනනය කිරීම සම්පූර්ණයෙන්ම නතර වන අතර උඩවලව ජලාශයට ජලය මුදා හැරීම ද නතර කරන බව එම ජලාශයේ කාර්යයේ නියුතු නිලධාරීහු පවසති.

    සමනලවැව ජලාශයෙන් මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරිය නමුත් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම නිසා ඉකුත් සතියේ සිට විදුලි ජනනය මෙගාවොට් 80ක් ඔවුහු පැවසූහ.

    අද වන විට සමනල සමනල වැව ජලාශය පතුලටම සිඳී යමින් පවතින බව ද ඔවුහු පවසති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img