නාරම්මල මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ 10 සී පංතියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් වස ශරීරගත වීමක් හේතුවෙන් ඊයේ රෝහල්ගතකර ඇත.
මෙම දරුවන්ගේ ජල බෝතල්වලට වස එකතුවීමෙන් එම ජලය පානය කළ දරුවන් මෙසේ රෝහල්ගතකර තිබේ.
මෙම දරුවන් නාරම්මල රෝහලින් ප්‍රතිකාර ගන්නා බව නාරම්මල පොලීසිය සඳහන් කළේය.
එම පංතියේම ඉගෙනුම ලබන සිසුවියක් විසින් මෙම සිසුන්ගේ ජල බෝතල්වලට වස කවලම්කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
එම දැරිය සමඟ අමනාපයෙන් සිටි අයගේ ජල බෝතල්වලට මෙසේ වස දමා ඇති බව විමර්ශනයේදී පෙනී ගිය බව නාරම්මල පොලීසිය කියයි.
එසේ සිය සහෝදර සිසුන්ගේ ජල බෝතල්වලට වස දැමූ සිසුවියද රෝහල්ගතව සිටින බව පොලීසිය කියයි.