fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාරම්මල කනිටු විදුහලක දරුවන්ගේ ජල බෝතල්වලට වස දාලා -6ක් රෝහලේ

    නාරම්මල කනිටු විදුහලක දරුවන්ගේ ජල බෝතල්වලට වස දාලා -6ක් රෝහලේ

    නාරම්මල මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ 10 සී පංතියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් වස ශරීරගත වීමක් හේතුවෙන් ඊයේ රෝහල්ගතකර ඇත.

    මෙම දරුවන්ගේ ජල බෝතල්වලට වස එකතුවීමෙන් එම ජලය පානය කළ දරුවන් මෙසේ රෝහල්ගතකර තිබේ.

    මෙම දරුවන් නාරම්මල රෝහලින් ප්‍රතිකාර ගන්නා බව නාරම්මල පොලීසිය සඳහන් කළේය.

    එම පංතියේම ඉගෙනුම ලබන සිසුවියක් විසින් මෙම සිසුන්ගේ ජල බෝතල්වලට වස කවලම්කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    එම දැරිය සමඟ අමනාපයෙන් සිටි අයගේ ජල බෝතල්වලට මෙසේ වස දමා ඇති බව විමර්ශනයේදී පෙනී ගිය බව නාරම්මල පොලීසිය කියයි.

    එසේ සිය සහෝදර සිසුන්ගේ ජල බෝතල්වලට වස දැමූ සිසුවියද රෝහල්ගතව සිටින බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.