fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිරිඳත් එක්ක එක්වී වරෙන්තුකරු පොලීසියට ගහලා

    බිරිඳත් එක්ක එක්වී වරෙන්තුකරු පොලීසියට ගහලා

    වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට වරෙන්තුකරු සිය බිරිඳත් සමඟ එක්ව පහරදී ඇත.

    මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හාලි ඇල පොලීසියේ නිලධාරී පිරිසකි.

    බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුකර සිටි අජිත් සිසිර කුමාර නැමැති පුද්ගලයා සිය බිරිඳ සමඟ උඩුවර පිහිටි කුඹුරුයායක සිටින බවට ලද තොරතුරකට අනුව හාලිඇල පොලීසියේ නිලධාරීීන් කණ්ඩායමක් එම කුඹුරුයාය වෙත ගමන්කර ඇත්තේ ඊයේ පෙරවරු කාලයේදීය.

    පොලිස් ජිප් රථයෙන් පොලිස් නිලදාාරීන් 06 දෙනෙක් ගමන්කර ඇත. එහිදී පොලිස් නිලධාරීන් ඔහු වෙත ගොස් වරෙන්තුව පෙන්වා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු තමා අත වූ උදෑල්ලෙන් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බවත් බිරිඳ පොලිස් නිලධාරීන්ව බදාගෙන පහරදී ඇති බවත් පොලීසිය කියයි.

    දැඩි පරීශ්‍රමයක් දරා ඔවුන් දෙදෙනාව පාලනයකර අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔවුන් දෙදෙනාව අද බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඔබේ අදහස් දක්වන්න.