කටුනායක ගුවන්තොටුපලේ පිහිටි ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබලෙකුගේ කරේ තිබුණු රන් මාලය සොරාගෙන ගොස් ඇතැයි ගුවන්තොටුපොල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම සෙබලා බැරැක්යේ නිදාගෙන සිටියදී කිසියම් අයෙක් විසින් කරේ තිබුණු රන් මාලය සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
මෙම රන් මාලය ලක්ෂ දෙකහාමාරකට අධික වටිනාකමක් ඇති එකක් බව සෙබලා විසින් පොලීසියට පවසා ඇත. ඔහු පන්නිපිටියේ පදිංචිකරුවෙකි.