බඩල්ගම පොලිස් වසමේ ඇති නීති විරෝධි මත්පැන් නිෂ්පානය කිරීමේ හා අලෙවි කිරීමේ ස්ථානවලට ගොස් තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් වැටලීම් නොකර සිටීමට යැයි කියා මුදල් ලබාගනිමින් සිටි යුධ හමුදාවේ සෙබලු තිදෙනෙක් බඩල්ගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෙබලු තිදෙනා යක්කල පිහිටි රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නිරත අබාධික සෙබලුන් බව විමර් ශනයේදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 41 හා 37 යන වයස්වල පසුවන ඔවුන් මෙසේ මුදල් රැස්කරමින් සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම කර තිබේ.