රුසියාව විසින් වසර පනහකට පමණ පසු සිය ප්‍රථම සඳ තරණ මෙහෙයුම දියත් කරමින් නව අභ්‍යාවකාශ තරණයෙන් නව තරඟයක් නිර්මාණය කර තිබේ.
ඒ අනුව රුසියාව විසින් සඳේ දක්ෂිණ ධ්‍රැවයේ මෘදු ගොඩබෑමක් කළ පළමු රට බවට පත්වීමටද අපෙක්ෂිතය. රුසියාව සිය යානාව ගොඩ බැස්වීමට අපෙක්ෂා කරන ප්‍රදේශයේ ජලය හෝ අයිස් ඇතැයිද විද්‍යාඥයින් විසින් අපෙක්ෂා කරනු ලබයි.
රුසියානු චන්ද්‍ර මෙහෙයුමක නිතර වන්නේ , 1976 න් පසු ප්‍රථම වතාවට වන අතර එය පසුගිය මාසයේ ඉන්දියාව සිය චන්ද්‍රයාන්-3 චන්ද්‍ර යානාය ගොඩබෑමත් සමඟ මෙම නව සඳ තරණ තරඟය නිර්මාණය වී තිබේ. ඒ අනුව ලූනා-25 යාත්‍රාව රැගත් Soyuz 2.1v රොකට්ටුවක් මොස්කව් සිට කිලෝමීටර් 5,550ක් නැගෙනහිරින් පිහිටි Vostochny cosmodrome වෙතින් සිකුරාදා මොස්කව් වේලාවෙන් අලුයම 2:11 ට කක්ෂ ගත කළේය.
අගෝස්තු 21 වන දින සඳ මත යානය ගොඩ බානු ඇති බවට අපේක්ෂා කරන බව රුසියානු අභ්‍යවකාශ ප්‍රධානී යූරි බොරිසොව් සිකුරාදා ඉන්ටර්ෆැක්ස් වෙත පැවසීය.
ලූනා-25, දළ වශයෙන් කුඩා මෝටර් රථයක ප්‍රමාණයෙන් යුක්ත වේ. එය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මත වසරක කාලයක් පර්යේෂණ කිරීමට ඉලක්ක කෙරෙනු ඇත. මෙම ගවේෂණ කරන ප්‍රදේශ තුල නාසා සහ අනෙකුත් අභ්‍යවකාශ ඒජන්සිවල විද්‍යාඥයන් මෑත වසරවල කලාපයේ ආවාටවල ජල අයිස් අංශු ඇති බවට අනාවරණය කරගෙන ඇත.
එක්සත් ජනපද ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං 1969 දී සඳ මත ඇවිද ගිය පළමු පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියට පත් වූ නමුත් සෝවියට් සංගමයේ ලූනා-2 මෙහෙයුම 1959 දී සඳ මතුපිටට ළඟා වූ පළමු අභ්‍යවකාශ යානය වන අතර 1966 දී ලූනා-9 මෙහෙයුම සඳ මත මෘදු ගොඩබෑමක් කළ පළමු රට බවට පත්විය.