සොරකම් සහ නිවෙස් බිඳුම් ඉහළ ගොස් ඇති බැවින් යාපනය කරවෙඩ්ඩි හී පදිංචි පුද්ගලයෙකු වැඩි ආරක්ෂාවට නිවසේ ශීතකරණයේ සඟවා තැබූ රුපියල් ලක්ෂ 06ක් වටිනා රන් භාණ්ඩ කිහිපයක් නිවසට සොරු පැන රැගෙන ගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය සඳහන් කළේය.
නල්ලූර් ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙකුගේ නිවසක් මෙසේ සොරුබිඳ ඇති බවය.
මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 08 වෙනිදා නිවස වසා තැබූ මොහෙතකදී නිවසේ පිටුපස දොර කඩා ඒ තුළින් ඇතුළුවී බව පොලීසිය සඳහන් කළේය.