තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතක් දූෂණයකර මරා රන් බඩු කොල්ලකයි

    කතක් දූෂණයකර මරා රන් බඩු කොල්ලකයි

    අක්මීමන හියාරේ ප්‍රදේශයේ නිවසකට පසුගිය 05 වෙනිදා අලුයම් කාලයේදී ඇතුළු වී නිවසේ නිවසේ සිටි 65 හැවිරිදි කාන්තාවක් දූෂණයකර ගෙල සිරකර මරා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් සිටි පුද්ගලයෙකුව නුංගමුව පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    වේයන්ගොඩ කුඹුල්ඔලුවේ පදිංචිකරුවෙක් වන සැකකරු 47 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    කුලී කරුවෙක් වන ඔහු මෙම කාන්තාව මරා දැමීමෙන් පසු ඇගේ ගෙල බැදි රන් මාලය කරාබු ජෝඩුව සහ රන් මුදුව සමඟ ජංගම දුරකථනයද රැගෙන පළාගොස් තිබුණි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් විමර්ශන පවත්වමින් සිටියදී සැකකරු සම්බන්ධයෙන් නුංගමුව පොලීසියට ලද තොරතුරකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරුව අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img