එංගලන්තයේ පදිංචිව ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින කතරගම පැත්තේ ව්‍යාපාරිකයෙකු මෙරටට පැමිණ කොල්ලුපිටියේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටියදී ඔහු සමඟ එකට සිටි ගණිකාවන් දෙදෙනෙක් විසින් ඔහුව මත්කර මුදල් හා දේපොල සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලීසිය කියයි.
මේ ගැන 46 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලීසියට පැමිණිලිකර ඇත්තේ පසුගිය 04 වෙනිදාය. මෙම ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත්තේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා තමා මෙරටට පැමිණ ජුලි 29 වෙනිදා සිට කොල්ලුපිටිය ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි බවය.
සිය මිතුරෙකුගේ මාර්ගයෙන් පසුගිය 01 වෙනිදා තමා කාන්තාවක් හෝටලයේ කාමරයට ගෙන්වාගත් බවත් එම කාන්තාව තවත් කාන්තාවක් අවශ්‍යනම් ගෙන්වා දිය හැකි බව තමාට පැවසූ බවද ව්‍යපාරිකයා පොලීසියට පවසා ඇත. ඊට තමාගේ අකමැත්තක් නොවූ බැවින් එම කාන්තාව විසින් තවත් කාන්තාවක් ගෙන්වාගත් බවත් දෙදෙනා සමඟ තමා මත්පැන් බොමින් විනෝද වූ බවත් මෙම ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබේ.
අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් තමාට නින්ද ගිය බවත් පසුදින උදෑසන අවධිවන විට කාන්තාවන් දෙදෙනා කාමරයේ නොසිටි බවත් ඔහු පොලීසියට පවසා ඇත.
තමා කාමරය පරික්ෂා කිරිමේ දි මුදල් පසුම්බියේ තිබූ මුදල් රුපියල් 180000/=ක් අතුරුදන්ව ඇති බවත් තවදුරටත් පරික්ෂා කිරිමේ දි රුපියල් 50,000ක් වටිනා අව්කණ්නාඩි දෙකක් ද එයා බට්ස් දෙකක්, ඒයා පෝට් දෙකක්, සුවඳ විලවුන් බොතල් 04ක්, ෂැම්පෝ බෝතලයක් හා VODKA මත්පැන් බෝතලයක් මෙම කාන්තාවන් දෙදෙනා රැගෙන ගොස් ඇති බව අනාවරණය වූ බව ව්‍යාපාරිකයා පොලීසියට කළ පැමිණිල්ලෙහි දැක්වේ. තමා එංගලන්තයේ සිට පැමිණෙන විට රැගෙන එන ලද ඒවා හේතුවෙන් වටිනාකමක් සදහන් කිරිම අපහසු බවත් පසුව වටිනාකම ලබා දෙන බවත් එහිදී ඔහු පොලීසියට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හෝටලයේ ආරක්ෂක කැමරා පරීක්ෂාකරමින් ආනන්දරාම මාවත, කොලොන්නාව ලිපිනයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක් සහ
, මාලිගාවත්ත පෙදෙස, කොළඹ 10 ලිපිනයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී සොරගන්නා ලද දේපොලද මෙම කාන්තාවන් දෙදෙනා සතුව තිබී සොයාගෙන තිබේ.
මෙම කාන්තාවන් දෙදෙනාව පසුගිය 05 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.