විදුලිය කප්පාදු කොට ඇති මිහින්තලේ රජමහා විහාරයේ රුපියල් ලක්ෂ 41ක් ව තිබූ විදුලි බිල සමගි ජන බලවේගය විසින් ගෙවා දැමූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එමෙන්ම එහි විහාරාධිපති හිමිනමට පොරොන්දු වූ පරිදි, ඉදිරි පෙරහැර කටයුතු සඳහා ද වැයවන විදුලි බිල තම පක්ෂයෙන් ගෙවා දමන බව ද විපක්ෂනායකවරයා නිවේදනය කර සිටී.
විදුලි බිල වැඩිකිරීමට ආණ්ඩුව ගත් පියවරත් සමඟ ඓතිහාසික මිහින්තලේ රජ මහා විහාරයට දැවැන්ත විදුලි බිලක් නිකුත් වී ඇත.
එම අධික මුදල ගෙවා ගත නොහැකි වීම නිසා පසුගියදා විහාරස්ථානයේ විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි.
මේ හේතුවෙන් එහි සංචාරයට ගිය විදේශිකයන්ද හුළු අතු රැගෙන එහි ගමන් කරනු දක්නට හැකි විය.
විපක්ෂ නායකවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්.