fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැරයන්වරුන්ගේ භට නිවාසවලට බීමතින් කඩාවැදුණු කොස්තාපල් යකා නටයි

    සැරයන්වරුන්ගේ භට නිවාසවලට බීමතින් කඩාවැදුණු කොස්තාපල් යකා නටයි

    පූනානි පොලිස් මුරපොලේ සේවයේ නිරත කොස්තාපල්වරයෙකු බීමතින් වාලච්චේන පොලීසියේ සැරයන්වරුන්ගේ භට නිවාස වෙත පැමිණ නිලධාරීන්ට පහරදෙමින් ඊයේ රාත්‍රි කාලයේදී කළහාකාරීව හැසිරී ඇත.

    මෙම කොස්තාපල්වරයා සැරයන්වරුන්ට අසභ්‍ය වචනවලින් බැන වැදී සැරයන්වරයෙකුය ආරක්ෂිත හිස් වැසුමකින්ද පහරදී ඇත. එම පහර වැදීමෙන් එම සැරයන්වරයා තුවාල ලබා ප්‍රතිකාර ගැනීමට වාලච්චේන රෝහලට ඇතුලත්ව තිබේ.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බීමත් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.