කඳාන ලියෝ මාවතේ පිහිටි නිවසක් අසලට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් අද උදෑසන නිවස දෙසට වෙඩි රැසක් එල්ලකර පළාගොස් ඇත.
මෙම නිවසේ හිමිකරු මස් ව්‍යාපාරිකයෙක් බව පොලීසිය කියයි.
නිවසේ ඉදිරිපස ගේට්ටුවට හා තාප්පයේ වෙඩි සලකුණු ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
නිවෙස් හිමි ව්‍යපාරිකයාගෙන් කප්පම් ඉල්ලා පාතාල අපරාධකරුවෙක් ඩුබායි හී සිට තර්ජනයකර ඇති බවත් එම කප්පම් මුදල් නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීම වී ඇති බව පෙනී යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කඳාන පොලීසිය සොයාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.