fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැකොස පුරප්පාඩු පුරවන්න අනුමැතිය තාම නෑ

    මැකොස පුරප්පාඩු පුරවන්න අනුමැතිය තාම නෑ

    මැතිවරණ කොමිෂන් සභාවේ දැනට පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවය.

    ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අතර එහිදී දැනට පුරප්පාඩුව පවතින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයා පත්කිරීම පිළිබඳව අනුමැතිය ලබාදීමට නියමිතව තිබුණි.

    කෙසේවෙතත් ඊයේ දිනයේ අදාළ පත් කිරීම් සඳහා නිර්දේශ ලබාදීම සිදු නොවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img