ඉදිරි සතියේ සිට මහවැලි කලාපයේ පවුල් 15000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ලබා දීම ආරම්භ කෙරේ.
ක්‍රිඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල කඩිනම් කළ බවයි.
මේ වන විටත් පවුල් 20,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් ලබා දීමට කටයුතු කර ඇත.
වසර 05කට වැඩි කාලයක් ඉඩම් හිමිකම් නොමැතිව සිටි පවුල් වෙනුවෙන් මෙලෙස ඉඩම් හිමිකම් ඔප්පු ලබා දෙන බව අමාත්‍ය රොශාන් රණසිංහ මහතා සදහන් කළේය.