fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම ෆිච් රේටිං පහළ දමයි

    ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම ෆිච් රේටිං පහළ දමයි

    ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින් ආයතනය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම පහත දමා තිබේ.

    ඒ අනුව ෆිච් රේටින් හී ඉහළතම ශ්‍රේණිගත කිරීම වන AAA සිට ඇමරිකා එක්සත් ජනපදය AA+ දක්වා පහත හෙලීමට පියවර ගෙන ඇත. එක්සත් ජනපදයේ මේවන විට පවතින මූල්‍ය තත්ත්වය සහ එරට ණය බර සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම පහත දමා ඇති බවද අදාල ආයතන සඳහන් කරයි.

    ඇමරිකා එක්සත් ජනපද ආර්ථීකය තුල ගෙවුණු දශක දෙකක කාලය තුල පාලන තන්ත්‍රය තුල ස්ථාවර පිරිහීමක් පෙන්නුම් කර ඇති බවද ෆිච් රේටින් සිය නිවේදනයෙන් පැවසීය. “එක්සත් ජනපදයේ ශ්‍රේණිගත කිරීම් පහත වැටීමෙන් පිළිබිඹු වන්නේ ඉදිරි වසර තුන තුළ අපේක්ෂිත මූල්‍ය පරිහානිය, ඉහළ ගොස් තිබෙන සහ වර්ධනය වන සාමාන්‍ය රාජ්‍ය ණය බර සහ මූල්‍ය පාලනයේ ඛාදනයයි ” යනුනේ ෆිච් නිවේදනයේ සඳහන් කර තිබිණි.

    මේ අතර ෆිච් රේටින් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියා කළාපයන් හී දැඩි අවිනිෂ්චිත භාවයක් පවතින බවටද පෙන්වා දී ඇති අතර එහිදී උපරිම ණය සීමාවන් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයන් පිළිබඳ කටයුතු කිරීම් ආර්ථීකයේ අස්ථාවරභාවය දැඩි ලෙස බලපා ඇති බවටද පෙන්වා දෙයි.

    මෙම ණය ශ්‍රේණිගත කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ජැනට් යෙලන් එකඟ නොවූ අතර එය “අත්තනෝමතික සහ යල් පැන ගිය දත්ත මත පදනම් වූ” ලෙස ඇය විසින් හඳුන්වා දී ඇත. මේ අතර අදාල ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය ද එවැනිම මතයක් දැරූ අතර, නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එම තීරණයට දැඩි ලෙස එකඟ නොවන බවයි.

    මේ අතර එක්සත් ජනපද ආර්ථිකයේ දැඩි උද්ධමනයක් පෙන්නුම් කරන අතර පසුගිය කාලයේදී එරට නිවාස අහිමි වූ ජනයාගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබිණි. එමෙන්ම ඇමරිකානු ඩොලරටය හිමිව තිබූ බලයද පසුගිය කාලයේදී පහළ යාමක් පෙන්නුම් කළ අතර රටවල් රැසක් සිය ජාත්‍යන්තර ගණුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිතා කිරීමට දැඩි කැමැත්ත පළකර තිබිණි.

    ඔබේ අදහස් දක්වන්න.