fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මීළඟ චීන නාවික කඳවුරට ප්‍රමුඛතම තේරීම හම්බන්තොට වරාය වියහැකියි" -වාර්තාවක්

    “මීළඟ චීන නාවික කඳවුරට ප්‍රමුඛතම තේරීම හම්බන්තොට වරාය වියහැකියි” -වාර්තාවක්

    ඉදිරි වසර කිහිපය තුළ චීන නාවික කඳවුරක් සඳහා සත්කාරකත්වය සපයනු ලබන රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව බ්ලූම්බර්ග් පුවතක් වාර්තා කර තිබේ.

    නව වාර්තාවක් උපුටා දක්වමින් එම පුවතේ සඳහන් වන්නේ චීනය සිය සමුද්‍රීය හැකියාවන් පුළුල් කිරීමට උත්සාහ කරන බැවින් එහි ඉහළම ‍තේරීම හම්බන්තොට වරාය වනු ඇති බව ය.

    එක්සත් ජනපදය පදනම් කරගත්, වර්ජිනියාවේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලයේ AidData පර්යේෂණ ව්‍යාපෘතියේ තක්සේරුවකට අනුව, චීනය දැනටමත් හම්බන්තොට වරාය වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.19 කි.

    එබැවින් චීන නාවික කඳවුරක් වෙනුවෙන් පදනමක් දැමීම සඳහා හම්බන්‍තොට වරාය බොහෝ දුරට තෝරාගැනීමට ඉඩ ඇති ස්ථානය ලෙස එම වාර්තාව පවසා පවසා තිබේ.

    කෙසේවෙතත් මෙරට රජයේ ප්‍රකාශයක් උපුටා දක්වන එම පුවත් සේවය පවසන්නේ, කිසිදු විදේශීය සන්නද්ධ හමුදාවකට සත්කාරකත්වය සැපයීමට හෝ එවැනි පහසුකමට ඉඩනොදෙන බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බවයි.

    ඊළඟ අවුරුදු දෙකක සිට 5ක් දක්වා කාලය තුළදී එවැනි චීන නාවික කඳවුරක් ඉදිවීමට හැකියාව ඇති ස්ථාන ලෙස අදාළ වාර්තාවේ ඊළඟට නම් කර ඇත්තේ ඉක්වටෝරියල් ගිනියාවේ, පකිස්ථානයේ සහ කැමරූන් හි ස්ථාන ය.

    බ්‍රහස්පතින්දා නිකුත් කර ඇති මෙම AidData වාර්තාව පවසා ඇත්තේ ලෝකයේ වෙන ඕනෑම ස්ථානයකට වඩා චීනයේ විශාලතම තනි වරාය ආයෝජනය හම්බන්තොට වරාය බවයි. එහිදී බීජිං සිය සෘජු පාලනය ක්‍රියාත්මක කරාවි යනුවෙන් ද එහි සඳහන්ව ඇතැයි අදාළ පුවත වාර්තා කරයි.

    එහි උපායමාර්ගික පිහිටීම, ප්‍රභූන් සහ ජනගහනය අතර චීනයේ ජනප්‍රියතාවය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව චීනය සමඟ පෙලගැසී සිටීම, හම්බන්තොට වරාය අනාගත පදනමක් සඳහා ඉහළම අපේක්ෂකයා බව ද එම වාර්තාවේ දැක්වේ.

    චීනය සිය මිලිටරි අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා තම ආර්ථික බලය භාවිතා කරන තරම විග්‍රහ කිරීමට, වසර ගණනාවක් තිස්සේ නිරීක්ෂකයින් උත්සාහ කරමින් සිටී.

    චීනයට ඇති යුධ නැව් ගණනින් ලොව විශාලතම නාවික හමුදාව එම රාජ්‍යය සතු ය.

    එහි ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගම් ලොව පුරා වරාය පහසුකම් ගොඩනැගීමට කාර්යබහුලව සිටී.

    චීනය රටවල් 46 ක වරායන් 78 ක් ගොඩනැගීම හෝ පුළුල් කිරීම සඳහා 2000-2021 සිට ඇමරිකානු ඩොලර් බිලියන 30 කට ආසන්න වටිනාකමකින් යුත් ණය සහ ප්‍රදාන ලබා දී ඇති බව AidData වාර්තාව පවසයි.

    චීන කඳවුරු පිළිබඳව නිතර නිතර තොරතුරු නිරාවරණය වන පසුබිමක වුවද, චීනය විසින් නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ජිබුටි හි එක් විදේශීය හමුදා මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

    AidData පැවසුවේ චීනය 2000-2021 දක්වා ජිබුටි නාවික පහසුකම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 466ක් ආයෝජනය කළ බවයි. එය අදාළ ලැයිස්තුවේ 12 වන ස්ථානයට පත්ව ඇත.

    තායිලන්තය, ඉන්දුනීසියාව සහ පකිස්ථානය ඇතුළු ස්ථානවල තවත් විදේශීය හමුදා සැපයුම් පහසුකම් පිළිබඳ පෙන්ටගනය සොයමින් සිටි.

    අමෙරිකාව විසින් කාම්බෝජයේ හමුදා මධ්‍යස්ථානයක් ද හඳුනාගෙන ඇති අතර එය ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ පළමු විදේශීය කඳවුර වනු ඇතැයි පවසන අතර, එය නොම් පෙන්හි රජය නැවත නැවතත් ප්‍රතික්ෂේප කර සිටී.

    කෙසේවෙතත් චීන ආරක්ෂක අමාත්‍යාංශය AidData වාර්තාව පිළිබඳ අදහස් දැක්වීමට කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දැක්වූයේ නැති බව ද බ්ලූම්බර්ග් පවසයි.

    ඔබේ අදහස් දක්වන්න.