තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයටත් හොරු පනී

    ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයටත් හොරු පනී

    ලබුනේරුව ආරන්‍ය සේනාසනයට හොරු පැන එහි භාවනායෝගීව භික්ෂූන් වහන්සේ වැඩ සිටින කුටි දෙකක් හොරු බිඳ ඇතැයි මොරගොඩ පොලීසිය කියයි.

    එක් කුටියකින් සොරාගෙන ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ 04ක් වටිනා පරිගණකයක් වන අතර අනෙත් කුටියෙන් සොරාගෙන ගොස් ඇත්තේ ඩ්‍රෝන කැමරාවකි.

    මෙම සොරකම ගැන පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ ඊයේ (26)ය. මේ ගැන කල විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ පුස්කොලපොත්වල ඇති දහම්කරුණු පරිගණක ගත කිරීමට යොදාගත් පරිගණකයක් සොරාගෙන ගොස් ඇති බවය.

    ආරන්‍ය සේනාසනයේ ආගමික වැඩසටහන් පැවැත්වෙන අවස්ථාවන්වලදී එම වැඩසටහන් ගුවනේ සිට රූගත කිරීමට ඩ්‍රෝන කැමරාව යොදා ගන්නා බවද එහිදී පොලීසියට පෙනී ගොස් ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ මෙම කුටිවල වැඩ සිටි භික්ෂූන්වහන්සේ ආගමික වැඩසටහනකට සහභාගිවීමට දින කිහිපයක් ආරන්‍ය සේනාසනයෙන් පිටතට වැඩසිටි කාල සීමාවේදී බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img