දළදා මාළිගාවේ ආරක්ෂාවට ස්ථාපිත කර ඇති පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් සහෝදර පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියේ තිබුණු බැංකු කාඩ්පත සොරාගෙන රුපියල් 105,000 මුදලක් සොරකම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද පැමිණීල්ලකට අනුව විමර්ශන පවත්වා බැංකු කාඩ්පත සොරාගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔහු සතුව තිබී බැංකු කාඩ්පත මෙන්ම සොරාගත් මුදල් වලින් රුපියල් 75,000ක්ද සොයාගෙන තිබේ.
මෙම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය. මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමටද මහනුවර සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.